Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

දෙරට අතර බැඳීම් ශක්තිමත් කිරීමට රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානියා අද දිවයිනට

දෙරට අතර බැඳීම් ශක්තිමත් කිරීමට රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානියා අද දිවයිනට

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) වසර 45 ක සේවා කාලයක් සපුරා ඇති මෙන්ම පදක්කම් 09 කින් පිදුම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර ශ්‍රී ලංකා වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකරන ලද ආරාධනයක් මත අද (03) දින පස්දින සංචාරයක් සඳහා දිවයිනට සම්ප්‍රාප්ත වීමට නියමිතය.

මෙම සංචාරය සඳහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සමඟින් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකු හා ඔලෙග් සලියුකොව් මහත්මිය ද සහභාගී වේ.

මෙම සංචාරය අතරතුර දී මෙම නියෝජිතයින් අතිගරු ජනාධිපතිතුමන් හමුවීම, අගමැතිතුමන් හමුවීම, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීම, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් හමුවීම, ජයවර්ධනපුර යුද්ධ හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය නිරීක්‍ෂණය ආදී විශේෂ කර්තව්‍යයන් රැසක් සිදුකිරීමට නියමිතය.

මෙම ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරි වෙත වඩාත් ගෞරවයක් හිමිකර දෙමින් පෙබරවාරි මස 04 දින නිදහස් චතුරස්‍රයේ දී පවත්වනු ලබන 72 වන නිදහස් දින පෙළපාලියෙහි විශේෂිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට ද ශ්‍රී ලංකාව මඟින් අවස්ථාව ලබා දී ඇත.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර සබැඳියාව වසර 62 ක් පුරා දිවයන අතර මෙම සම්බන්ධතාවය මූලිකවම 1957 පෙබරවාරි මස 19 දින ස්ථාපිත වන ලදී. දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා බොහෝමයක් බොහෝ ක්ෂේත්‍ර වටා නිර්මාණය වී ඇති අතර ඒ තුලින් ආර්ථිකමය සංවර්ධනයක් සහ ශක්තිමත් ආර්ථික පදනමකට මංපෙත් සකසයි. එමෙන්ම දෙරට අතර අධ්‍යාපන, සමාජමය, සංචාරක කර්මාන්තය හා මත්ස්‍ය කර්මාන්තය ආදී ක්ෂේත්‍රයන් හී මනා සම්බන්ධතාවයක් ඇත්තේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *