චීනයේ, වූහාන් ප්‍රාන්තයෙන් ආ ඒ ආශ්රිත ප්‍රදේශ වල සිට ලංකාවට එන සියලූම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ඇති කාමර වෙත පළමුවෙන්ම යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඒ අනුව එම සිසුන් දියතලාව හමුදා කඳවුරේ පිහිටුවා ඇති හුදෙකලා කාමර තුළට දින 14ක කාලයකට යොමුකරන බව ඉන් අනතුරුව ඔවුන්ට නිවෙස් බලා පිටත්ව යෑමට අවස්ථාව සලසා දෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
එතුමිය මේ අදහස් පළ කලේ මේ අවස්ථාවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේනතුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.