චන්ද්‍රිකා අත්තනගල්ලෙන් ඉවත් කෙරේ

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට පිටුපා යමින් සජිත් ප්‍රේමදාස මහතා හට සහය පළ කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කිරීම හේතුවෙන් ඇයව අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ඒ වෙනුවට අත්තනගල්ල ආසනයේ වැඩබලන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ.

ඊට අමතරව ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය ගත් තීන්දුවට පිටින් යමින් සජිත් ප්‍රේමදාසට සහය දැක් වූ එම පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් 20 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (16) තීරණය කළා.

Leave a Reply

Your email address will not be published.