බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ වරදට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට වසර 15ක සිර දඬුවම්

තමන් යටතේ සේවය කළ අඹු සැමි යුවළකගේ 14 හැවිරිදි දියණිය 2012 වසරේදී හෝටලයකට රැගෙන ගොස් දූෂණයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය. ඊට අමතරව දූෂණයට ලක් වූ දැරියට දෙලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවීමට නියම කළ විනුසුරුවරයා රුපියල් විසිපන්දහසක දඩයකට යටත්‍ කෙරිණි. වන්දිය හා දඩ මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් අමතර වසර 3 ක සිරදඩුවමක්ද ඔහුට පැනවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *