Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ගව ඝාතනය තහනම් කිරීම සඳහා කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

ගව ඝාතනය තහනම් කිරීම සඳහා කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

ගව ඝාතනය තහනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මෙම නීතිය බලාත්මක කිරීමට පාර්ලිමේන්තු පනත් දෙකක් සම්මත කර ගතයුතු බවත් ඉන් අනතුරුව මෙම නීතිය බලාත්මක වන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී පැහැදිළි කළේය.

කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ගව සම්පතෙන් විශාල දායකත්වයක් ලැබෙන බවත් ගව ඝාතනය ඉහළ යාම හේතුවෙන් සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය වන ගව සම්පත ප්‍රමාණවත් නොවන බවත්, ආනයනික කිරිපිටි සඳහා විදේශයන්ට ඇදී යන අති විශාල විදේශ විනිමය ප්‍රමාණය අවම කර ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමට හැකි වන පරිදි දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා ප්‍රමාණවත් ගව සම්පතක් නොමැති වීම එම කර්මාන්තයේ දියුණුවට බාධාවක් වී ඇති බවත්, එම කරුණු සැළකිල්ලට අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව ඉදිරියේදී පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

  • ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින 1958 අංක 29 දරන සත්ත්ව පනත, 1893 අංක 09 දරන ගෝ ඝාතක ආඥා පනත සහ අදාළ අනුශාංගික වෙනත් නීති හා පළාත් පාලන ආයතන විසින් සම්මත කර ඇති නීතිරීතින් සංශෝධනය කිරීම සඳහා නොපමාව අවශ්‍ය පියවර ගැනීම.
  • ගව මාංශ පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මාංශ ආනයනය කිරීම හා සහන මිලකට ලබා දීම සඳහා නොපමාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
  • කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී අන්දමින් යොදා ගත නොහැකි වයස්ගත තත්ත්වයට පත් වන ගවයින් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
  • එකී පියවරයන් ගැනීමට යටත්ව, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *