ප්‍රබල කුඩු ජාවරම්කරුවකු වන “අවිස්සාවේල්ලේ ගවුස්” ගේ ගෝලයකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව හෙරොයින් ජාවාරම්කරුවකු වන අවිස්සාවේල්ලේ “ගවුස්“ නැමැත්තාගේ ගෝලයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (28) බොරැල්ලේදී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 342ක් තිබී ඇත.

මෙම සැකකරු 48 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙක් වන අතර, ඔහු ප්‍රබල කුඩු ව්‍යාපාරිකයෙක් වන “අවිස්සාවේල්ලේ ගවුස්” නමැත්තාගෙන් කුඩු මිලදී ගෙන බොරැල්ල සහ අවට ප්‍රදේශවලට අලෙවි කරන බවට අනාවරණය වී තිබේ.

සැකකරුව අද (29) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *