Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොළඹ යාපනය ගුවන් ගමන් හෙට සිට ඇරඹෙයි

කොළඹ යාපනය ගුවන් ගමන් හෙට සිට ඇරඹෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මෙරට අභ්‍යන්තර ගුවන්සේවා පුළුල් කිරීමේ වැඩසටහන යටතේ කොළඹ සහ යාපනය නව ගුවන් සේවාවක් හෙට (01) සිට ආරම්භ කිරීමට නියමිතයි. රට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරිමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙය ක්‍රියාත්මක බව කාර්මික අපනය ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එමෙන්ම ඉදිරි කාලසීමාව තුළදී යාපනය, මඩකලපුව, මත්තල, කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතවද අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි දියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇත.

මෙම ගුවන් යානය යොදවා ඇත්තේ ෆිටිස් ගුවන් සමාගම මගිනි. ATR 72 වර්ගයේ මගීන් 70 ක් එකවර ගෙනයා හැකි ගුවන් යානයක් අදාල සමාගම විසින් මේ සඳහා යොදවා ඇති අතර සෑම සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනකදීම මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වෙයි. රත්මලානෙන් පෙ.ව. 7.30 ට පිටත්වන මෙම යානය යාපනය පලාලි ගුවන්තොටුපලට පෙ.ව. 8.30 ළගා වේ. පෙ.ව. 9.30ට පලාලි සිට රත්මලාන බලා නැවතත් පිටත්වේ. කොළඹ සිට යාපනයට ගමන් ගාස්තුව වන්නේ රු. 7,500කි. ඒ අනුව පළමු ගුවන් යානය හෙට පෙ.ව. 7.30 රත්මලාන ගුවන්තොටුපලෙන් යාපනය බලා ගමන් කිරීමට නියමිතයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *