පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රතිසංවිධානය කටයුතු අවසන් – ශාන්ත බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සන්ධාන ගතවීම අදාලව පැන නැගී තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පැවසූයේ නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමිනි.

පොදුජන එක්සත් පෙරමුණේ තිබු පුරප්පාඩු පිරවීමේන් අනතුරුව ප්‍රතිසංවිධාන කටයුතු සිදු කළ බවත් එහි නමද වෙනස් කිරීමට සිදු වු නමුත්, ලකුණ ඒ ආකාරයෙන්ම පවතින බවයි ඒ මහතා පැවසුවේ. ඊයේ පැවති සම්මේලනයේ දී මෙම තීරණ සම්බන්දයෙන් සියළු දෙනාම ඒකමතිකව එකඟ වු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *