Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මගී ජීවිත අවදානමේ දමා බීමතින් බස් රථය පැදවූ රියදුරුගේ වැඩ තහනම් කිරීමට උපදෙස්

මගී ජීවිත අවදානමේ දමා බීමතින් බස් රථය පැදවූ රියදුරුගේ වැඩ තහනම් කිරීමට උපදෙස්

යාපනයේ සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වූ ලංගම බස් රථයක රියදුරෙකු බීමත්ව බස් රථය ධාවනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 29 වැනිදා A9 මාර්ගයේ ධාවනය කෙරෙන වාහන පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා නිලධාරීන් විසින් ඒකාබද්ධව සෝදිසිකිරීමකට ලක් කළ අතර අදාල බස් රථය සෝදිසි කිරීමේදී එහි රියදුරු මත්පැන් පානය කොට බස් රථය ධාවනය කරන බවට අනාවරණය වී ඇත.

වැඩිදුර සෝදිසි කිරීමේදී බස් රථයේ රියදුරු ආසනය සමීපයේ මත්පැන් බෝතලයක් තිබී ඇති අතර වැඩිදුර පරික්ෂා කිරීමේදී එය රියදුරු විසින් ධාවනය කරන අතරතුර පානය කරන බවට අනාවරණය වී ඇත. මගී ජීවිත රැසකගේ ජීවිත අවධානමේ දමමින් බස් රථය බීමතින් ධාවනය කිරීම හේතුවෙන් රියදුරු අත්අඩංගුවට ගෙන බස් රථයේ මගීන් වෙනත් බස් රථයක් ගෙන්වා එමගින් ප්‍රවාහන පහසුකම් සැපයීමට ආරක්ෂක අංශ විසින් පියවර ගනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය අවධානය යොමුකල විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ රියදුරුගේ සේවය අත්හිටුවීමට උපදෙස් දී ඇති අතර මගීන්ට හිරිහැර වන ආකාරයෙන් ක්‍රියා කරන ලංගම මෙන්ම පෞද්ගලික බස් රථ රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධව පොලිස් වාර්ථාවක් වහාම ලබාගැනීමටත්, ඉන් අනතුරුව අදාළ රියදුරුගේ වැඩ තහනම් කිරීමටත් අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතා තීරණය කර ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *