කොවිඩ් – 19 වෛරසය මැඩලීම සඳහා ප්‍රතිකාර ක්‍රම සොයාබැලීමට විශේෂඥ කමිටුවක්

කොවිඩ් – 19 වෛරසය මැඩලීම සඳහා ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදීමට හා ඇණවුම් කිරීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එම කමිටුව පත්කර ඇත.

එම විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ තවත් විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙක් ඇතුළත් වේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, එම කමිටුවෙන් ලබාදෙන නිර්දේශ අනුව කොවිඩ් රෝගය මර්දනය කිරීමට නිපදවනු ලබන ඖෂධ, නව ප්‍රතිකාර ක්‍රමවේද සහ එන්නත් ඉතාම කඩිනමින් ඇණවුම් කිරීම බලාපොරොත්තු වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *