එක්වරක දී වාර්තා වු වැඩිම ආසාදිතයින් ගණන

අද දිනට මේ දක්වා කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 3000 ඉක්මවා වාර්තා වී තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර මහතා පවසා සිටියේ ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 3,051ක් වාර්තා වු බවය.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගියේය.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 122,367ක් විය.

මේ අතර පිළියන්දල පොදු වෙළෙඳපොළෙන් පසුගියදා හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 365 දෙනෙකු සඳහා සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණවලින් 134 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *