මෙරටට තවත් කොවිඩ් මර්දන එන්නත් තොගයක්

මෙරටට තවත් කොවිඩ් මර්දන එන්නත් තොගයක් ප්රදානය කිරීමට තම රටේ බලධාරින් එකඟ වු බව කොළඹ පිහිටි චින තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
ඒ අනුව ශ්රී ලංකාවට චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්රා 500,000ක් ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම සහ නියාමන රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
එම එන්නත් තොගය මෙම මාසය තුළදී ලැබීමට නියමිත බව ඔහු පැවසීය
