කොරෝනා

කොවිඩ් – සුව වන ප්‍රතිශතය ගැන සතුටුදායකයි, නමුත් PCR සම්බන්ධයෙන් සෑහීමකට පත්වන්න බෑ – වෛද්‍ය හරිත අලුත්ගේ

Share this Article

මෙරට කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයන්ගෙන් 70% කට වැඩි පිරිසක් මේ වන විටත් පූර්ණ සුවය ලබා සිටීම මෙරට කොවිඩ් මර්දන ක්‍රියාවලියේ සාර්ථකත්වය පෙන්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියි. එම ප්‍රතිශතය ජනතාවගේ සහයෝගයත් සමග 80%ක දක්වා ඉහළ නංවා ගැනීමට හැකියාව ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට දැනට සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ සම්බන්ධයෙන් තම සංගමය සෑහීමකට පත් නොවන බවත්, රටම ආවරණය වන පරිදි එක් එක් ප්‍රදේශ වල අහඹු සාම්පල ලබා ගෙන ආසාදිතයන් සොයා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයකට යෑමට වසංගත රෝග විද්‍යා අංශය කටයුතු කළ යුතු බවත් ඒ මහතා පවසා සිටියි. එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් මිනුවන්ගොඩ හෝ පෑලියගොඩ වැනි පොකුරු නිර්මාණය වීම ඉදිරියේදී වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

PCR ප්‍රතිඵල ලබාදීමේදීද ප්‍රමාදයක් ඇති වන්නේ නම් නිවැරදි තීන්දු තීරණ ගැනීමට එමඟින් හැකියාවක් නොලැබෙන බවත්, එබැවින් එම පරීක්ෂණ වල ප්‍රතිඵල පැය 24 කින් ලබාදීමට අපහසු නම් පැය 48 කින් ලබාදීම සිදු කළ යුතු යැයිද ඒ මහතා අවධාරණය කර සිටියි.


Share this Article

Leave a Reply

Your email address will not be published.