මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්තශාලාවේ කොවිඩ් වැලඳුණු කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියක් දුම්රියෙන් යාපනය දඹකොළපටුන ප්‍රදේශයට විනෝද චාරිකාවක් ගොස් ඇතැයි හෙළිවී තිබේ. ඒ අනුව එම දුම්රිය මැදිරියේ ගමන්ගත් නාවික හමුදා සෙබළුන් පනහක් නිරෝධායනයට යොමුකර ඇත.
එම දුම්රිය මැදිරියේ ගිය නාවික සෙබළුන් දඹකොළපටුන නාවික හමුදා කඳවුරේම නිරෝධායනයට යොමුකර ඇති අතර දුම්රිය මැදිරියේ ගමන්ගත් සෙසු පිරිස හඳුනාගැනීමට රාජ්‍ය බුද්ධි අංශය හා සෞඛ්‍ය අංශ එක්ව පියවර ගෙන තිබේ.