Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොරෝනා වෛරසය සදහා ගැළපෙන මුඛ ආවරණය – N95

කොරෝනා වෛරසය සදහා ගැළපෙන මුඛ ආවරණය – N95
People wear face masks as they wait at Hankou Railway Station earlier this week in Wuhan, China. Experts say there is little evidence that masks prevent infection.

නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග මුඛ ආවරණ () සදහා දැඩි ඉල්ලුමක් පවතී. මුඛ ආවරණ මිලදී ගැනීමේදී සාමාන්‍ය මාස්ක් භාවිතා නොකර ඒ සඳහා N95 වර්ගයේ මුඛ ආවරණයක් පැලඳිය යුතු බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි. N95 මුඛ ආවරණ මගින් අවට වාතයෙන් බොහෝ වාත අංශු පෙරීම මගින් විෂ්කම්භය මයික්‍රෝන 0.3 ක් දක්වා අංශු හුස්ම සමග ඇතුල්වීම 95% කින් වලකාලයි. වාර්තා වන අන්දමට කොරෝනා වයිරසයේ විෂ්කම්භය මයික්‍රෝන 0.12 ක් වේ. මෙම මුඛ ආරවණය නිර්මාණය කර ඇත්තේ කෙනෙකුගේ මුහුණට තදින් ගැලපෙන ආකාරයටයි.

මුහුණු ආවරණ මගින්, ජල බිඳිති හරහා පැතිරෙන බොහෝ ශ්වසන ආසාදනවලින් ආරක්ෂා වීමට මෙම මුහුණු ආවරණ උපකාරී වේ. එමෙන්ම එයට කොරෝනා වයිරස් මෙන්ම උණද සම්ප්‍රේෂණය වීමේ ප්‍රවණතාව අඩුවේ. N95 මුඛ ආවරණයට අමතරව N99 වර්ගයේ මුඛ ආවරණ මගින් තවත් අංශු පෙරීම සිදු වුවද ඒවා හුස්ම ගැනීමට ඉතා අපහසු විය හැකිය.

කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ නවතම උපදෙස් පිළිඹද අවධානයෙන් සිටීම වඩාත් යෝග්‍ය වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *