කොරෝනා මර්දනයට රජය ගෙන ඇති පියවර ප්‍රමාණවත් නෑ – හැරිසන්

Share this Article

කොරෝනා වෛරස් ව්‍යාප්තියට එරෙහිව රජය ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසයි.

ලොව අනෙක් රටවල් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති පියවර සමඟ සංසන්දනය කරන විට අපේ රට ඉතා පහළ මට්ටමක සිටින බව ඒ මහතා පවසයි. විදෙස් රටවලින් පැමිණි ශ්‍රමිකයින් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන යාමේ දී ඇති වු ගැටලු කලින් මඟහරවා ගැනීමට තිබු බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙම ව්‍යවසනය වළක්වා ගැනීමට ගෙන ඇති පියවර මදි බවත් හැරිසන් මහතා වැඩිදුරටත් කියා සිටියි.

එසේම කොරෝවනා වෛරසය මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව සහාය දැක්වීමට සූදානම් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. අනුරාධපුරයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.


Share this Article

Leave a Reply

Your email address will not be published.