දිවයිනේ සියලුම පාසැල් අප්රේල් 20 දක්වා වසා දැමේ

කොරෝනා වෛරසයේ ව්යාප්තිය හේතුවෙන් ඇතිවී තිබෙන අවදානම් තත්වය මත දිවයිනේ සියලුම පාසැල් අද දින සිට අප්රේල් 20 වෙනි දින දක්වා වසා තැබෙන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කර සිටිනවා.
අප්රේල් 06 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබූ පාසැල් නිවාඩුව හෙට දින සිට ලබා දීමට තීරණය කර ඇති අතර, ඒ අනුව හෙට සිට අප්රේල් 20 වෙනිදා දක්වා දිවයිනේ සියලුම පාසැල් වසා තබන බවයි අධ්යාපන ඇමතිවරයා කියා සිටියේ.
