බ්‍රහස්පතින්දා (ඊයේ) සවස වන විට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 638 ක් බවට විදෙස් වාර්තා සදහන් කරයි. සිදුවී ඇති මරණ වලින් දෙකක් පිලිපීනයේත් හොංකොං හිත් සිදුවූ අතර අනෙක් සියල්ලම සිදුවී ඇත්තේ චීනයේයි. 30,000 කට අධික පිරිසක් වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරය චීනයේය.
2020-02-07