හුණුපිටිය ගංගාරාමයේ නවම් මහා පෙරහැර අද ඇරඹේ

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර අද (07) ආරම්භ වී හෙට දින පැවැත්වෙන අවසන් මහා පෙරහැරෙන් අවසන් වීමට නියමිකව ඇත. පෙරහැරට මෙවර අලි ඇතුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී කරවිමට නියමිත බවට වාර්තා වේ.

උද්‍යාන වීදිය ඔස්සේ ජිනරතන පාර, හුණුපිටිය වැව පාර , ඩබ්ලිව්.ඒ.ඩි රාමනායක මාවත ශ්‍රිමත් ජේම්ස් පිරිස් මාවත ඔස්සේ ගමන් කරන නවම් මහ පෙරහැර නැවතත් විහාරස්ථානයට පිවිසීමට නියමිතව තිබේ. පොලීසිය සඳහන් කළේ, ගංගාරාම නවම් මහා පෙරහැර හේතුවෙන් අද සහ හෙට පස්වරු 6.30 සිට ඒ ආශ්‍රිතව මාර්ග කිහිපයක් වසා තැබෙ බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කොට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *