කොරෝනා

කොරෝනා වෛරසය පළමු අනතුරු ඇඟවීම් කළ චීන වෛද්‍යවරයා වෛරසයට බිලිවෙයි

මාරාන්තික කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳව පළමු අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට උත්සාහ කළ චීන වෛද්‍යවරයෙක් එම වෛරසය ආසදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව වාර්තාවේ.

වුහාන් මධ්‍යම රෝහලේ සේවය කරමින් සිටි ලී වෙන්ලියන්ග් (Li Wenliang) නම් වෛද්‍යවරයා මෙලෙස මියගොස් ඇත.

ලී වෙන්ලියන්ග්ගේ කතාව

අක්ෂි වෛද්‍යවරයකු වන වෛද්‍ය ලී සිය මූලික අනතුරු ඇඟවීම යවා මාසයකට පසු රෝහල් ඇඳක සිට වීබෝ(Weibo) හරහා මෙම වෛරසය පිළිබඳ සිය කතාව එළි කලේය.

කොරෝනා වෛරසයක් වැළඳී ඇති අවස්ථා හතක් ඔහු නිරීක්ශණය කළ අතර 2003 දී ගෝලීය වසංගතයකට තුඩු දුන් සාර්ස් වෛරසය හා සමාන බව ඔහු අනුමානය කලේය.

ඔහු දෙසැම්බර් 30 වන දින චැට් පණිවිඩයක් යවමින් ආසාදනය වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත ඇඳුම් අඳින්නැයි වෛද්‍යවරුන්ට අනතුරු ඇඟවූ අතර දින හතරකට පසු ඔහුව මහජන ආරක්ෂක කාර්යාංශයට කැඳවා ලිපියක් අත්සන් කරන ලෙස ඔහුට දන්වන ලදී. “සමාජ පිළිවෙලට දැඩි ලෙස බාධා කළ” අසත්‍ය අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔහුට ලිපියේ චෝදනා එල්ල විය.

වෛරසය පිළිබඳව කටකතා පතුරුවා හැරීම සම්බන්ධයෙන් චීන පොලිසිය පුද්ගලයන් අට දෙනෙක් පිළිබද පරීක්ෂණ පැවැත්වූ අතර වෛද්‍ය ලී වෙන්ලියන්ග් ඉන් එක් අයෙකි. පසුව පළාත් පාලන ආයතන වෛද්‍ය ලීගෙන් සමාව ඉල්ලා තිබුනි.

ඔහුගේ මරණය පිළිබඳව පරස්පර විරෝධී වාර්තා පළ වී තිබුනද පීපල්ස් ඩේලි දැන් පවසන්නේ සිකුරාදා හිමිදිරියෙ ඔහු මියගිය බවයි.

මෙම වෛරසය නිසා චීනයේ පුද්ගලයින් 636 දෙනෙකු මියගොස් 31,161 ක් ආසාදනය වී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. බ්‍රහස්පතින්දා වාර්තා වූ නව මරණ සංඛ්‍යාව 73 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *