සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය ගැන අසත්‍ය ප්‍රචාර ප්‍රචාරය කළ පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාගම හා බණ්ඩාරගම ප්‍රදේශයන්හිදි.
අත්අඩංගුවට ගනු ලැබූ එක් පුද්ගලයෙක් රූපලාවන්‍යාගාරයක සේවකයෙක් වන අතර අනෙක් පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරෙක් බවටත් පොලිසිය සඳහන් කරයි.
මිට අමතරව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් සිදුකල පුද්ගලයින් 40 දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවතින බවටයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේ.