කොරෝනා අභියෝගය ජයගැනීමට උරදුන් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට ජනපතිගෙන් සුභාශිංෂණ

Share this Article

කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්වූයේ නිසි සම්පත් කළමනාකරණය සහ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් අංශවල කැපවීම මත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටී. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් එම නිලධාරීන්ට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට තමන්ගේ සුභාශිංෂණය එක්කරන බවයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින්.

චීනයේ ඉකායි ග්ලෝබල් ආයතනය විසින් රටවල් 108 ක් යොදා ගෙන පසුගියදා සිදුකළ සමීක්ෂණයට අදාළ වාර්තාවෙන් කොවිඞ් 19 මර්දන ක්‍රීයාවලියේ දී ශ්‍රී ලංකාවට පසුගියදා දෙවන ස්ථානයට හිමිවුණි.


Share this Article

Leave a Reply

Your email address will not be published.