කොදෙව්වන්ට එරෙහි තුන්වැනි තරගයේදි ශ්‍රී ලංකාවට ලකුණු 6ක තියුණු ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තුන්වැනි එක්දින තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01) ජයගත්තේය.

මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 307 ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට රැසකළ හැකිවූයේ ලකුණු 301ක් පමණි. මෙම තරගයේ ජයත් සමගින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය.

තරගයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සදහන් වූයේ මේ ආකාරයටයි.

කුසල් මෙන්ඩිස් 55 (48, 4×6,6×1), ධනංජයද සිල්වා 51 (47, 4×5), කුසල් ජනිත් පෙරේරා 44 (55, 4×4), දිමුත් කරුණාරත්න 44 (54, 4×5), තිසර පෙරේරා 38 (31, 4×2), අවිශ්ක ප්‍රනාන්දු 29 (34, 4×5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *