කොටස් තැරැව්කරුවෝ අගමැති හමුවෙති

කඩා වැටී ඇති කොළඹ කොටස් වෙළෙඳපොළ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් රජය මැදිහත් වන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (20) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙදපොල තැරැව්කාර සමාගම් නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අවධාරණය කලේය.

පසුගිය වසර හතර හමාරක කාලය තුළ දී කොළඹ කොටස් වෙළඳපොළ බරපතළ ලෙස කඩා වැටීමට ලක්වී ඇති බැවින් කොටස් තැරැව්කාර සමාගම් විශාල ප‍්‍රමාණයක් වසා දමා ඇති අතර මේ හේතුවෙන් එම සමාගම්වල සේවය කළ විශාල පිරිසකට රැකියා අහිමි වූ බව කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන්ගේ සංගමය මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේ අතර කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු සීඝ‍්‍රයෙන් ඉහළ නංවා ගැනීම සඳහාත් විදේශීය ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහාත් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල කොළඹ කොටස් වෙළඳ පොළේ ආයෝජනයන් සඳහා යොමු කළ යුතු බව ඔවුහූ මෙහිදී පෙන්වා දුන්හ.

විවිධ හේතූන් මත ප‍්‍රමාද වන අසාමූහික පනත සම්බන්ධයෙන් මෙහිදී කොටස් වෙළඳපොල තැරැව්කාර සමාගම් නියෝජිතයින් වැඩි අවධානයක් යොමු කළ අතර ඒ තුළින් විදේශීය සමාගම් මෙරට ආයෝජනය කෙරෙහි බරපතළ විශ්වාසයක් ඇති කර ගැනීම කොළඹ කොටස් වෙළෙඳපොල තුල විදේශීය ආයෝජන ඉහල නංවා ගැනීම කෙරෙහි ඉවහල් වනු ඇතැයි තැරැව්කාර සමාගම් පෙන්වා දුන්නේය.

නමුත් අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ කිසිදු හේතුවක් මත රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම තම රජයේ ප‍්‍රතිපත්තිය නොවන බව අවධාරණය කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *