කුවේට් යන සංචාරකයන්ට කොරෝනා නොමැති බවට වෛද්‍ය සහතිකයක් අනිවාර්යයි

Share this Article

ලංකාව ඇතුළු රටවල් 10ක සිට කුවේට් රාජ්‍යයට වෙත පැමිණෙන සංචාරකයින් නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කෙරෙන වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්යය බව එරට රජය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය, ඊජීප්තුව, සිරියාව, ලෙබනනය, තුර්කිය, අසර්බයිජාන් සහ ජෝර්ජියාව යන රටවලට බලපැවැත්වෙන මෙම නියෝගය ලබන 8 වැනි දින සිට ක්‍රියාත්මක කරන බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව කුවේට් රාජ්‍යය බලා පිටත්ව යාමට අපේක්ෂා කරන්නන් ඒ ඒ රටවල පිහිටි කුවේට් තානාපති කාර්යාලවල අනුමැතිය ලත් වෛද්‍ය මධ්‍යස්ථානයකින් කොරෝනා ආසාදිතයකු නොවන බවට තහවුරු කෙරෙන වෛද්‍ය සහතිකයක් ලබාගැනීම අනිවාර්ය වේ.

වෛද්‍ය සහතික නොමැතිව පැමිණෙන්නන් ගුවන් යානයෙන්ම යළි පිටුවහල් කිරීමට පියවර ගන්නා අතර මෙම නියමය උල්ලංඝනය කරන ගුවන් සමාගම්වටල ද දඩ පැනවීමට පියවර ගන්නා බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර ඇතැයි ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.


Share this Article

Leave a Reply

Your email address will not be published.