Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියෙකු පලා ගිහින්

කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියෙකු පලා ගිහින්

කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියෙකු පළාගොස් තිබේ.

යාපනය අයියකච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි එම ආසාදිතයා හෘදයාබාධයක් හේතුවෙන් කිලිනොච්චිය රෝහල වෙත අද (26) උදෑසන ඇතුළත් කර තිබුණි.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියා වැසිකිළි ජනේලයෙන් පැනගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

අදාළ රැඳවියා සොයා මේ වනවිට කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයෙකු ඊයේ දිනයේ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් පළාගොස් තිබුණි.

පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කළේ, ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් තිබේ නම් 0718591579 දරන කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසය.

මේ අතර කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා රැගෙන යමින් සිටි බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ද පළා ගොස් තිබුණි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ එම කොවිඩ් ආසාදිත රැඳවියා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට ගෙන යමින් සිටි අවස්ථාවේදී මෙලෙස පළා ගොස් ඇති බවය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *