කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE බුද්ධි අංශ සාමාජිකයාට ජර්මනියේදී දඬුවම්

හිටපු විදේශ අමාත්‍යවරයෙකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් දඬුවම් නියම කර ඇති බව ජර්මානු මාධ්‍ය වාර්තා කර ඇත.

ජර්මනියේ ස්ටුඩ්ගාඩ්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් ජර්මානු නීතියට අනුව වසර 06ක සහ මාස 10ක සිරදඬුවමක් ලබා දී ඇති අතර මෙලෙස දඬුවම් නියමවුයේ ජී.නවනීදන් නමැති හිටපු එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකුටය.

2012 වර්ෂයේ ජර්මනීයේ සරණාගතභාවය සදහා ඉල්ලුම් කර ඇති මොහු සරණාගතභාවය ලබාදීමට පැවති සම්මුඛ පරීක්ෂණයේදී තමන් විසින් ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් බවට ප්‍රකාශ කර ඇති අතර පසුව ඔහු විසින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති බව එරට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ස්ථානය පිළිබඳව එල්.ටි.ටි.ඊ. සංවිධානයට තොරතුරු ලබාදී ඇති බවට අදාළ විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *