“අයිරාවත්” (airavat) නෞකාව කොළඹ වරායට

ඉන්දියානු නාවික හමුදාවට අයත් “අයිරාවත්” (airavat) නෞකාව කොළඹ වරායට ‍පැමිණ ඇත.

ඊයේ (20) දිනයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව මෙම නෞකාව පිළිගන්නා ලදී. තුන්දින නිල සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් සුනිල් ශංකර් (Sunil Sankar) ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයේන සුහද පිළිසදරකද නිරත වීය. එහිදී ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම නෞකාව මීටර් 125 ක දිගකින් යුක්ත වන අතර 500ක පමණ භට කාණ්ඩයක ගෙන යාමට හැකිය.

මෙරට රැදී සිටින කාල සීමාව තුළදී වැඩසටහන් කිහිපයක් සඳහාද ඔවුන් සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටින අතර හෙට (22) දිනයේ මෙරටින්දි පිටත්ව යාමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *