පකිස්ථානුවන්

කටුනායකින් පිටුවහල් කල පකිස්ථානුවන් 43 දෙනා කවුරුන්ද?

Share this Article

මෙම පකිස්ථානුවන් 43 දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්දව අතඩංගුවට ගෙන තිබූ පිරිසක් වන අතර අද දින එනම් (04) දින පාකිස්තානු විශේෂ ගුවන් යානයකින් ඉස්ලාමාබාද් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටුවහල් කරනු ලැබූ බව ගුවන් තොටුපල කාර්‍ය්භාර නිළධාරියා විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මොවුන් සියලු දෙනා ශ්‍රි ලංකා මහ අධිකරණ මගින් වරදකරුවන් කරවා වසර 10 15 කාලසීමාවන් වලට විවිධ බන්ධනාගාර වල සිර දඩුවම් විදිමින් සිටි පිරිසක් බවත්, මොවුන් මෙලෙස පාකිස්තානය වෙත රැගෙන යෑමෙන් පසුව ද එරට බන්ධනාගාර තුළට යළිත් මොවුන් ඇතුළු කිරීමට නියමිතය.

මොවුන් පකිස්ථානය තෙක් රැගෙන යාමට 86කින් යුත් ආරක්ෂක කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ විශේෂිත ගුවන් යානයකින් මෙරටට ලගා වූ අතර ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බස් රථ කීපයක් මගින් මෙම පකිස්තානු ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබූවේය. බන්ධනාගාර නිළධාරීන් විසින් සිරකරුවන් ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ට හා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණි. තවද මෙම අවස්ථාවට පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි

පසුව මෙම පිරිස රැගත් පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවයේ පී.කේ.- 9873 දරන විශේෂ ගුවන් යානය අද(04) අලුයම 4.00 ට කටුනායක ගුවන් තොටුපළෙන්, පකිස්තානයේ ඉස්ලාමාබාද් ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය.


Share this Article

Leave a Reply

Your email address will not be published.