කොවිඩ්

බොරැල්ල පොලිසියේ 41කට කොවිඩ්, බොඩිලයින් කම්හලේ ආසාධිතයින් ගණනත් 60 දක්වා ඉහළට

බොරැල්ල පොලිසියේ 41කට කොවිඩ් අසාදිත බව තහවුරු කරගෙන ඇත. ඒ අනුව මේ වන විට බොරැල්ල පොලීසියේ සමස්ත ආසාදිතයින් ගණන 56ක් දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතර කොවිඩ් ආසාධිත සේවිකාවක් වාර්තාවීමත් සමගම පසුගිය 31වනදා වසාදමන ලද හොරණ බොඩිලයින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ අශ්‍රිතයන් 450ක ගේ PCR පරක්ෂණ මේ වනවිට සිදුකර ඇත. එම පරීක්ෂණ වලට අදාළව සේවකයන් 250දෙනෙකුගේ ප්‍රථිපල මේ වන විට නිකුත්වී ඇති අතර එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 26 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. නව ආසාදිතයින් 26දෙනාත් සමඟම ඇඟලුම් කම්හලේ සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 60ක් දක්වා ඉහල ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *