ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (1) ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පැවැති තෙවැනි විස්සයි විස්ස තරගයෙන්ද කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබූ ඕස්ට්‍රේලියා කණ්ඩායම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
අද තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 142ක් ලබාගත්තේය. කුසල් ජනිත් ලකුණු 57ක් රැස් කළ අතර අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 20ක් ලබාගත්තේය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කමින්ස් කඩුලු 2ක් ලබාගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව පන්දුවාර 17 පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරාගැනීමට සමත් විය.
ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 57ක් රැස් කළ අතර ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප් හා ලහිරු කුමාර කඩුල්ල බැගින් බිදහෙළූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *