LK reports news sinhala

චන්ද්‍රා කළුආරච්චි දිවි රඟමඩලින් බැස යයි

ප්‍රවීණ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි මහත්මිය අද(1) අභාවප්‍රාප්ත විය. මිය යන විට 76වැනි වියේ පසුවූ චන්ද්‍රා කළුආරච්චි ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතාගේ බිරිඳවේ.

එමෙන්ම ඇය රංගන ශිල්පිනී අමා වි‍ජේසේකරගේ මව ද වූවාය. ඇය රංගන ශිල්පිනියක් ලෙස සිංහල සිනමාවට, වේදිකාවට හා ටෙලි නාට්‍ය කලාවට ලබාදුන් දායකත්වය අති විශාලය. පවුරු වළලු, පාර දිගේ, බක්මහ දීගේ, මාතර ආච්චි, වසන්තයේ දවසක්, යුවතිපති, නිසල ගිර වැනි සිනමා නිර්මාණයන්ට ඇය රංගනයෙන් දායකත්වය ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *