එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ දේශපාලන පක්ෂ එක්ව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුම අස්සන් කිරීම අද(1) පෙරවරුවේ කොළඹදී සිදුකෙරුණු අතර හිටපු ජනපතිනි චන්ද්රිකා කුමාරතුංගද ඊට එක්විය.
මෙම සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පක්ෂ 32 ක් සහ සිවිල් සංවිධාන 31 ක් නව සන්ධානයේ මහ ලේකම් රාජිත සේනාරත්න මහතා ඉදිරියේ ගිවිසුමට අස්සන් තැබීම සිදුකළේය.
ඒ අතරට ශ්රි ලංකා නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමක් ලෙස චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක්ද එක්ව සිටි අතර නිදහස් පක්ෂය සුරකින බව කියමින් ඔවුන් එක්සත් ජාතික පක්ෂය හා එක්වීම විශේෂත්වයක් විය.