එස්.ටී.එෆ්. කඳවුරු තුනක් හුදෙකලා කෙරේ

කැලණිය කළුබෝවිල, රාජගිරිය යන එස්.ටී.එෆ්. කඳවුරු තුන හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු 11 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වීමත් සමගයි.

මෙම කඳවුරුවල මුළුතැන්ගෙය සඳහා මාළු ලබා ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වෙත ගිය පිරිසක් මාර්ගයෙන් මෙම වයිරසය වැලඳී ඇති බවට හෙළි වී තිබේ.

හුදකලා කළ කඳවුරු තුනේ සෙබළුන් හා නිලධාරීන්ට දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළුව සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *