කොළඹ සිට ක්‍රියාත්මක වන දුරගමන් සේවා බස් රථ ධාවනය අත්හිටුවයි

ඊයේ සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සිට පිටත් වෙන දුරගමන් සේවා බස්රථ ධාවනය අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. එච්. පණ්ඩුක මහතා ප්‍රකාශ කරයි.

කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් බස් ධාවනය අත්හිටුවීමට පියවර ගත්බවත්, නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වනතෙක් මෙම තීරණය ක්‍රියාත්මක බවත් ඒ මහතා සඳහන් කර සිටියි. කෙසේ වෙතත් පිටපළාත්වල දුරගමන් සේවා සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *