එජාප-ශ්‍රීලංකා

ඔක්තෝබර් 7 ට පෙර එජාපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත වෙයි ද?

ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 44කි. මේ වනවිට ඒ සඳහා ප්‍රධාන අපේක්ෂකයන්  4 ක් ඒ සඳහා තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටී. එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපපක්ෂ මහතා, රොහාන් පල්ලේවත්ත මහතා සහ හිටපු හමුදාපති මහේෂ් සේනානායක යන අය  2020 ජනාධිපතිවරණය සඳහා තරග වදින ප්‍රධානතම තරගකරුවන් බවට පත්වී තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදීමට තව දින කිහිපයක් ඉතිරිව තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 1 වැනි දා ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා.

එජාපයෙන් මංගලත් හමුවට එයි..

මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ එම පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්න අලගියවන්න යන මහත්වරුන් සහභාගීවී සිටියා. එජාප පාර්ශවයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමග එම පක්ෂයේ සභාපති කබීර් හශීම්, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගීවුණා.

රාත්‍රී 9.00 ට ආරම්භවූ මෙම සාකච්ඡාව පැය 2 ක පමණ කාලයක් පැවැති අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. වාර්තා වන ආකාරයට ජනාධිපතිවරණයේදී එජාප ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් එය සහභාගීවූ කිසිවෙක් මාධ්‍යයට අදහස් නොදැක්වුවද මෙම හමුව සම්බන්ධයෙන් ඊයේ පැවැති මාධ්‍ය හමු කිහිපයකදී විවිධ අදහස් පළවුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *