LK reports news sinhala

යෝෂිත – නීෂීතාට අද මංගල සීනු හැඬවෙයි

හිටපු ජනපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද(3) ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වේ.

මීට මාස කිහිපයකට පෙර පසුගිය ජූලි මස පවුලේ හිතවතුන් පමණක් එක්වූ අවස්ථාවක යෝෂිතගේ විවාහ ගිවිස ගැනීම සිදු කර තිබූ අතර අද පැවැත්වෙන්නේ එහි උත්සව අවස්ථාවයි. යෝෂිත අතගන්නා මනාලිය නිෂීතා ජයසේකරයි. ඇය ආනන්ද ජයසේකර මහතාගේ දියණියකි.

මෙම විවාහ උත්සවයේ දෙවැනි ගමන උත්සවය ලබන 7 සඳුදා වීරකැටිය මැදමුලන නිවසේදී පවත්වන්නටද කටයුතු සූදානම් කර ඇතැයි වාර්තාවේ. මේ වනවිට මෙම උත්සව දෙක සඳහා මහින්ද රාජපක්ෂ පවුලේ සමීප හිතවතුන්ට හා දේශපාලනඥයින් රැසකට ඇරයුම් කර ඇත.

නඩු කටයුතු නිසා අත්හිටුවා තිබූ යෝෂිත රාජපක්ෂ මහතාගේ නාවික හමුදා නිලය පසුගිය සතියේ ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ නියමයෙන් පිරිනැමුණු අතර පසුගියදා ඔහුට උසස් වීමක්ද පිරිනමා තාවකාලික ලුතිනන් කමාන්ඩර් නිලයට උසස් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.