දේශපාලනය සම්බන්ධයෙන් ඇතිවූ කලකිරීමක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඔහු සිය පවුලේ සාමාජිකයන් ද සමගින් විදෙස් ගත වීමට තීරණය කර ඇති බවටයි වාර්තා පළවන්නේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලෙන පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළා.
ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා සමන් රත්නප්‍රිය නම් කළ බවයි එම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරිවසම් මහතා පසුගියදා පැවසුවේ.