කොරෝනා වෛරසය නිසා වසා දැමූ වුහාන් නගරයේ ශ්‍රී ලාංකිකයින් 44 ක්

නව කොරෝනා වෛරසය පැතිරි යාම නිසා චීනයේ වුහාන් නගරය වසා දැමිමට එරට බලධාරින් පියවර ගැනීමත් සමග එම ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල නිරතවන ශ්‍රි ලාංකික සිසු සිසුවියන් 44 දෙනෙකුව හැකි ඉක්මණින් සම්බන්ධ කර ගන්නා ලෙසට ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිං හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා. එම සිසු සිසුවියන් 44 දෙනා ආරක්ෂා සහිතව තැබීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් වුහාන් ප්‍රාන්ත රජයෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටි බවයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව වුහාන් ප්‍රාන්තයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් ගේ තොරතුරු මේ වන විට බීජිං හි පිහිටි ශ්‍රි ලාංකික තානාපති කාර්යාලය රැස් කරගෙන ඇති අතර ඔවුන් සමග සම්බන්ධවි ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ග ගැන දැනුවත් කිරීමට කටයුතු අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ චීනයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු අසතුටුදායක පුවතක් වාර්තා වී නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සෑම විටම එහි පවතින තත්ත්වය පිළිඹදව අවධානයෙන් පසුවන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *