රංජිත් මද්දුම බණ්ඩාර

එජාපය ප්‍රමුඛ සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

යෝජිත එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ අද පැවති ආසන සංවිධායකවරුන්ගේ හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී ආසන සංවිධායකවරුන් අමතමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන න්‍යාය පත්‍රවලට වඩා ජනතාවගේ ජීවිත වටිනා බවයි.

එහෙත් ඇතැම් පුද්ගලයින්ගේ දේශපාලන ක්‍රමය එය නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published.