LK reports news sinhala

එජාපය තවම දෙගිඩියාවෙන්

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී ඇතැයි වාර්තා වේ.

එම සාකච්ඡාව ඊයේ(11)  රාත්‍රී 09.30 ට පමණ අරලියගහ මන්දිරයේදී ආරම්භ වූ අතර එය රාත්‍රී 11.30 පමණ වන තෙක් පැවැත්වුණි.

එළඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනිම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබූ අතර අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර මෙම සාකච්ඡාව පසුගිය ඉරිදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද පසුව එය ඊයේ දිනය දක්වා කල් දමනු ලැබුවේය. දෙමළ ජාතික සන්ධානය සමගද සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සාකච්ඡා පවත්වා තිබූ අතර මේ වනතුරු තීරණයකට පැමිණ නැතැයි වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *