උත්සව සමයේදී ඇඳුම් මිලදී ගැනීමෙන් වලකින්නැයි උපදෙස්

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීමේ ආරක්ෂිත පියවරක් ලෙස ඉදිරි උත්සව සමයේදී ඇඳුම් ආදිය මිලදී ගැනීමෙන් වලකින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ ඇඳුම් ආදිය මිලදී ගැනීමේදී ඇතැම් විට පුද්ගලයින් විකිනීමට තිබෙන ඇඳුම් ආදිය ස්පර්ශ කිරිමෙන්, විශාල වශයෙන් මහජනයා ගැවසෙන ස්ථානවල ගැවසීමෙන් රෝගය පැතිරීමේ අවධානමක් ඇති බවයි. මේ හේතුවෙන් පූර්ව ආරක්‍ෂිත පියවරක් ලෙස විශාල වශයෙන් මහජනතාව රැස්වෙන ස්ථාන වලට නොගොස් සිටින්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *