අද ලබා දුන් නිවාඩුව දීර්ඝ කිරීමක් සිදු වන්නේ නෑ

කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් අද දිනයේදී ලබාදුන් නිවාඩුව දීර්ඝ කිරීමක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි. කෙසේ වෙතත් ඉදිරියේදී පවතින තත්ත්වය නිරීක්ෂණය කර නිවාඩු දීමේ අවශ්‍යතාවක් මතුවුවහොත් යළි තීරණයක් ගන්නා බවද ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *