Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහි සටනට අප්‍රිකා නායකයෝ මුදල් වෙන්කරති

ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහි සටනට අප්‍රිකා නායකයෝ මුදල් වෙන්කරති

ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීම සඳහා අප්‍රිකානු නායකයින් මුදල් වෙන්කර ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳ අනාවරණය කරමින් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ප්‍රචණ්ඩත්වයට සහ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්වල නිරත ඒකාබද්ධ හමුදා සහ බුද්ධි තොරතුරු රැස්කිරීම වෙනුවෙන් එම මුදල් යෙදවීමට නියමිත බවයි.

කලාපයේ  ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට බටහිර අප්‍රිකානු නායකයින් එකඟ වී ඇතැයි ද බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව මේ බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‍ඔවුන් වැඩිදුරටත් පවසන්නේ අප්‍රිකාවේ සහෙල් කලාපය ආශ්‍රිතව  අල් කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයි එස් අයි එස් සංවිධානවලට සම්බන්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් දිනෙන් දිනම උත්සන්න වෙමින් පවතින බවයි. මේ හේතුවෙන් ඒ ආශ්‍රිත  මාලි , බුර්කිනා ෆාසෝ වැනි රාජ්‍යයන්ද ඇතුළුව විශාල භූමි ප්‍රමාණයක් පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර වාර්ගික ප්‍රචණ්ඩත්වයද  උත්සන්න වී ඇත.

ඉස්ලාමීය ත්‍රස්තවාදයට පිටුදැකීම  මූලික පරමාර්ථය වූ මෙම විශේෂ සමුළුව පැවැත්වුණේ බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ අගනුවරයි. බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව නියෝජනය කරමින් එහි සාමාජිකයින් 15 දෙනාත්  මොරිටේනියා සහ චැඩ් යන රාජ්‍යයන්වල ජනාධිපතිවරුත් සමුළුවට සහභාගි වී ඇත. ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය අප්‍රිකානු කලාපය වෙලාගෙන ඇති අතර ඒ හේතුවෙන් මිලියන තුනක පමණ පිරිසක් අවතැන් වී ඇතැයි ද වාර්තා වේ.

එමෙන්ම මේ වසරේදී අනාරක්ෂිත ආහාර භාවිතයට මුහුණ දෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාවද  60% කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වු අතර එම සෑම සියලු අංශයක්ම ආවරණය සඳහා සමුළුවේදී අමෙරිකානු ඩොලර් බිලියනයක මුදල් ප්‍රතිපාදන වෙන් කෙරුණු අතර එම මුදල් ප්‍රචණ්ඩත්වයට සහ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්වල නිරත ඒකාබද්ධ හමුදා සහ බුද්ධි තොරතුරු රැස්කිරීම වෙනුවෙන් යෙදවීමට නියමිතය.

(Image – Al Masdar News)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *