ඉරාන ප්‍රහාරයෙන් ඇමෙරිකානු සෙබලුන් 34කට ප්‍රතිකාර

ඉරාන විසින් ඉරාකයේ කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපද භටයින් 34 දෙනෙකුට කම්පන සහගත මොළයේ තුවාල (Traumatic brain injuries (TBI)) ඇති බවයි පෙන්ටගනය විසින් නිකුත්කළ වාර්තාවක දැක්වෙනවා.

17 දෙනෙකු  තවමත් වෛද්‍ය පරීක්ෂාවට යටතේ සිටින බව පෙන්ටගන් ප්‍රකාශකයෙක් පැවසීය.

එක්සත් ජනපදය විසින් ඉරාන ජෙනරාල්වරයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස පසුගිය ජනවාරි 8 ඉරාන විසින් ඉරාකයේ කඳවුරට එල්ලකල ප්‍රහාරයෙන් ඇමරිකානුවන් කිසිවෙකුට තුවාල සිදු නොවූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබු අතර එ හේතුවෙන් ට්‍රම්ප් මහතා ඉරානයට එරෙහිව නැවත ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කර තිබුණි.

නමුත් පසුගිය සතියේ පෙන්ටගනය පැවසුවේ ප්‍රහාරයෙන් සේවා සාමාජිකයින් 11 දෙනෙකුට කම්පන සහගත රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර ලබා දී ඇති බවයි.

මේ සතියේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුවේදී මෙම සිදුවීම පිළිබඳව විමසූ විට ට්‍රම්ප් මහතා පවසා ඇත්තේ: “ඔවුන්ට හිසරදය සහ තවත් කරුණු කිහිපයක් ඇති බව මට දැනගන්නට ලැබුණා, එය එතරම් බරපතල නොවේ . ”

“මා දැක ඇති අනෙකුත් තුවාල වලට සාපේක්ෂව ඒවා ඉතා බරපතල තුවාල ලෙස මම නොසිතමි,” ඔහු තව දුරටත් පැවසීය.

පෙන්ටගනය පවසන්නේ අයින් අල් අසාද් කඳවුරට එල්ල වු ඉරාන මිසයිල ප්‍රහාරයෙන් ඇමරිකානුවන් කිසිවෙකු මිය නොගිය බවත් මිසයිල ප්‍රහාර එල්ලවන විට බොහෝ දෙනා බංකරවල රැකවරණය ලබා ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published.