Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඉන්දු – ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත්වෙයි

ඉන්දු – ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත්වෙයි

ඉන්දියානු ආධාර ප්‍රදාන යටතේ රුපියල් මිලියන හයසීයකට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කරන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඊයේ (10) දින අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම ගිවිසුම 2005 වර්ෂයේදී වත්මන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටි සමයේ අත්සන් තැබුණු ගිවිසුමක් වන අතර එය සෑම වසර 5කට වරක් දීර්ඝ කරමින් මෙම ගිවිසුම අත්සන් කරනු ලබයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ සහභාගිත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්විණි.

මෙම ගිවිසුමට අදාළව විශේෂ සංවර්ධන ව්‍යාපෘතිවල පිරිවැය රුපියල් මිලියන 300 ඉක්මවන අතර හදිසි පූර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවය, නිවාස ව්‍යාපෘති, නව යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු ඒ ඔස්සේ ක්‍රියාත්මක වේ.

කුඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 300 ක් වැය කරන අතර නැවත පදිංචි කිරීම, නවාතැන්, ජීවනෝපාය, රැකියා, කාන්තා සවිබල ගැන්වීම වෘත්තීය පුහුණුව, අධ්‍යාපනය සහ පර්යේෂණ, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා, කාර්මික සංවර්ධනය, වෛද්‍ය මධ්‍යස්ථාන හා රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය සහ වෛද්‍ය උපකරණ සැපයීම ඒ යටතේ ක්‍රියාත්මකය.

දැනට ක්‍රියාත්මක මෙම ව්‍යාපෘති නව ගිවිසුම ප්‍රකාරව අඛණ්ඩව පවත්වාගෙන යාම සිදුවේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *