බස්නාහිරට කැඳවා තිබියදී ලෙඩ නිවාඩු දැමූ පොලිස් නිලධාරීන්ට දඬුවමක්

බස්නාහිර පළාතේ විශේෂ රාජකාරි සඳහා කැඳවීම් කරන ලද, එම කැඳවීම් නොපිළිපැද ලෙඩ නිවාඩු දැමූ සියලුම පොලිස් නිලධාරීන්ට දඬුවමක් වශයෙන් එම නිලධාරීන් බස්නාහිර පළාතට ස්ථිර මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ඒ වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නියෝගයකට අනුවයි.

පසුගිය කාල සීමාව තුළ පොළොන්නරුව, වව්නියාව, අම්පාර ප්‍රදේශවලින් නිලධාරීන් හයසිය හතළිස් එකකට විශේෂ රාජකාරි ලෙස බස්නාහිරට කැඳවනු ලැබුවේ බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල නිලධාරීන්ට කොවිඩ් වැලඳීමත් සමගය. එසේ කැදවා තිබූ නිලධාරීන් අතරින් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකළ පිරිසට මෙලෙස බස්නාහිර පළාතටම ස්ථාන මාරුවීම් ලබා දි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *