විදෙස් ගතව සිටි 430ක පිරිසක් මෙරටට පැමිණ තිබේ. ඒ අනුව ඊයේ (10) රාත්‍රියේ දී EK-648 දරණ මගී ගුවන් යානයෙන් ඩුබායි සිට පුද්ගලයින් 50දෙනෙක් පැමිණ තිබේ. එමෙන්ම අද (11) උදෑසන UL-226 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට 270 දෙනෙකුත්, ET-8804 දරණ මගී ගුවන් යානයෙන් ඉතියෝපියාවේ සිට පුද්ගලයින් 110නෙකුත් දිවයිනට පැමිණ තිබේ.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරන්නේ මීට අමතරව අද උදෑසන ඉන්දියාවේ මුම්බායි සිට පුද්ගලයින් 66 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිත බවයි.
එසේ පැමිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනයවන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.