Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක වන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක වන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක වන බවත් එම කාලය තුළ දී අපගේ ඉරණම තීරණය වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ හෙයින් සෞඛ්‍ය අංශ, රජය සහ ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාවගෙන් ඉල්ලා සිටී.

එසේ නොවුණහොත් ඉතා භයානක තත්ත්වයක් ඇති වියහැකි බව එම සංගමය සඳහන් කළේය.

අද  කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව සඳහන් කළේය.

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසා සිටියේ රජය, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම ජනතාවද එකාමෙන් මේ මොහොතේ සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ක්‍රියාකළ යුතු බවයි.

එම පාර්ශව තුනෙන් කවුරු හෝ ක්‍රියකාරිත්වය අඩු කළොත් එය බරපතළ තත්ත්වයකට ඇදගෙන යාමක් විය හැකි බව කොළඹගේ මහතා පෙන්වාදුනි.

නිසි උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් මෙය පාලනය කරගත හැකි හෙයින් පවතින දැඩි සංචරණ සීමා අතර දවසකට එය ඉවත් කිරීමෙන් තම තමන්ට අවශ්‍ය පරිදි හැසිරීමට ඉඩක් ලබාදී නොමැති බවත් අත්‍යවශ්‍ය දෙයක් සඳහා පමණක් නිවසින් බැහැරට පැමිණ කොවිඩ් මර්දන වැඩපිළිවෙලට සහය වන ලෙස ඔහු ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටියේය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *