රථ වාහන දඩ මුදල් ගෙවීම දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් සිදුකළ හැක

2021 අප්‍රේල් මස 5 වන දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ මුදල් ගෙවීම දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් සිදුකළ හැකිය.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොවිඩ් -19 වසංගත තත්ත්වය තුළ දඩ පත්‍රිකා ගෙවීමට ඇති දින 14ක කාල සීමාව ඉක්මවා ගිය ද අතිරේක දඩමුදලක් රහිතව එම මුදල ගෙවීමට හැකි බවය.

එම සහන කාලය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *